Breaking News

හස්බන්ඩ්ට කරදර කරනවට අකමැති අවස්ථා Vs. වයිෆ්ට කරදර කරනවට අකමැති අවස්ථා

මේකටනං මහලොකුවට ඉන්ට්රො දෙන්න ඕන නැහැ. වයිෆ්ලයි හස්බන්ඩ්ලයි දෙගොල්ලොම දන්නව මේ මේ වෙලාවල්වලදි තමුන්ගෙ බෙටර්හාෆ් එකට කරදර නොකර ඉන්නවනං හොඳයි කියල. හැබැයි ඉතිං එයාලා අතින් කරදරේ සිද්ධ වෙනවා. වයිෆ්ල සිද්ධිය දන්නව වුනාට එයාල ඒක එච්චර ගණං ගන්නෙ නෑ. හස්බන්ඩ්ලා සිද්ධිය දන්නව වුනාට එයාලට සුපිරි මතකයක් තියෙන නිසාටිංග්ගාලා ඒක අමතක වෙනවා. මෙන්න එයාලට මතක් කරවන්න සටහනක්.



හස්බන්ඩ් අකමැති දේවල්


01. ගේමින් ටයිම්

හස්බන්ඩ්ලා කැමැති නැහැ ගේම් ගහන වෙලාවට කරදර කරනවට. කාර් එකක් පැදගෙන යනකොට රේස් එක පෝස් කරල ඇවිල්ල ආයෙ ගහද්දි පරදින්න තියෙන ඉඩ වැඩියි. මොකද ගැම්ම එන්න ආයෙත් ටික වෙලාවක් යනවනෙ. ඒ මදිවට දැන් ගොඩක් ගේම් නෙට්වර්ක් කරලා ගහන නිසා එකෙක් හැලුනම සිද්ධ වෙන හානිය වැඩියි. ක්ලෑන් එකට ගේමක් තියෙන වෙලාවෙ වයිෆ් ඇවිල්ල එයාගෙ යාළුවෙකුට බස් කොන්දොස්තර ඉතුරු රුපියල් දෙක නොදීපු කතාව කියන්න ගත්තම වැඩේ කෙළ වෙනවනෙ.


02. නිදියගෙන ඉන්නෙ

ඔෆිස් එකේ නටල නටල, යාළුවො එක්ක බීපු මතයත් ඇ‍‍ඟේ තියාගෙන, බස් එකේ අමාරුවෙන් ඇවිල්ල,ගෙදර ඇවිල්ලත් ඔෆිස් වැඩ හිතලා, වයිෆ්ගේ නිසොල්ලාස කතා ටික අහලා නිදියගත්තු ගමන් ලස්සන හීන කන්දක් දකින්න ගන්නව. ඉතිං මහත්තයො ඒ ටික බිඳලා දාලා කුස්සියෙ ඉන්න මීයෙක් මරන්න, කැරපොත්තෙකුට මෝටීන් ටිකක් ගහන්න ඇහැරෙන්න කැමති කවුද?


03. නිදියගෙන ඇහැරුණු ගමන්ම

සතියෙ දවසක හොඳ නින්දක් දාලා ඇහැරෙන්නෙම මාර අවුලකින්. මේ නින්ද කන්ටිනියු කරන්න වෙන්නෙම නෑ කියන අවුල දැනගෙන. ඊටපස්සෙ ඔෆිස් යන්න වෙනව කියන අවුලත් හිතේ තියාගෙන. ඉතිං ඔහොම තියාගෙන ඇස් ඇරපු මනුස්සයෙක් ඇ‍ඳේම ඉඳගෙන ටික වෙලාවක් පිළිකුල් භාවනාව කරනව. ඔන්න ඔය විදියට ඇ‍ඳෙන් ඇහැරිච්ච ගමන්ම ගෙවන මුල් මිනිත්තු දෙක තුන අතරෙ කරදර කරනවට කොයි හස්බන්ඩාවත් කැමති නෑ…




වයිෆ් අකමැති දේවල්

01. ෂොපින් ෂොපින්

වයිෆ් කෙනෙක් ඇඳුමක් ගත්තම දාහක් දේවල් හිතනවා. මේකට බඩ පෙනෙයිද? මේක ගැන කට්ටිය මොනව කියයිද? තව කට්ටිය මේක ඇඳගෙන එයිද? මේ ගාණට මේකෙ නූල්, බොත්තම්, රෙදි, මැහුම් කුලී, කඩේ ‍ඒසී, සේවක පඩි සහ අයිතිකාරයට ලාබෙ තිබ්බම වාසිද? වගේ දේවල් හිතන අස්සෙ දැන් යං දැන් යං කියල කරදර කරනවට කොයි වයිෆ්වත් කැමති නැහැ…


02. ඉවුම් පිහුම්

උයන්න පිහන්න ගියාට පස්සෙ ඒකට අතපය ගහන්න එනව තරං කේන්තියක් වයිෆ්ලට වෙනිං කිසිම මොහොතක එන්නැතුව ඇති. වැඩි ආදරේ පෙන්නන්න බලෙන්ම පොල් ගාලා දීලා හීනියට පොල් ගානව වෙනුවට පත පොල් කෑලි ගලෝල දුන්නම කේන්ති නොයන්නෙ කාටද? චේතනා පරිශුද්ධ වුනත් පෙම් සටන් පරදින්න පුළුවන් කියල හිතෙන්නෙ ඒ වෙලාවට තමයි.


03. ඕප ටයිම්

බත ලිපේ තියෙද්දි, ගෙදර අස්කරද්දි, ගමනක් යන්න හදද්දි එනව ඔන්න වයිෆ්ගෙ ෆුල් ෆිට් එහෙකින් කෝල් එකක්. ඉතිං බත රොස් වුනත්, හස්බන්ඩ් ඉඳගෙන ඉන්න පුටුව යට අතුගාලා යනකං කකුල උස්සන් හිටියත්, ගමන යන්න කොච්චර වෙලා ගියත් ෆෝන් එක තියන්නෙ නැහැ. කතා කරන්නෙත් වෙසක් කාලෙට වැස්සම කූඩු තෙමෙනවා වගේ හැමෝම දන්න දේවල්. හැබැයි ඉතිං ඒ වෙලාවට “දැන් ඕක තියෙනවද?” කියල අහල බලන්න ඕන. සංඥා භාෂාවෙන් බනිනව බැනිල්ලක් අම්ම මුත්ත නැතිවෙන්න...


04. පිරිසුදු කිරීම කලාවක්


කුස්සිය අස්කරද්දි, ගෙදර අතුගාද්දි එහෙම මොකුත් කියන්න හොඳ නැහැ. “මට මෙතන කොස්ස දාල යන්නද කියන්නෙ? මේ කුණු කන්ද මෙහෙමම තියෙද්දි මට ඔයාගෙ වැඩ කරන්නද කියන්නෙ?“කියල පටන් අරන් අහගන්න වෙන කතාව පිරිමින්ගෙ අපිළිවෙල අපිරිසිදුකම වෙනකං දිග්ගැස්සෙනව.



දෙන්නම අකමැති දේවල්

01. අරක උනේ කොහොමද අනේ?

තමන් කැමති ෆිල්ම් එක, ටෙලි නාට්යය බලද්දි අනවශ්ය ප්රශ්න අහල කරදර කරනවට මේ  දෙන්නම කැමති නෑ…

හබියා පල්ප් ෆික්ෂන් බලබල ඉද්දි වයිෆ් අහනව ඒ කොහොමද ඒයි අර ඉස්සෙල්ල ටොයිලට් එකේ මැරිච්ච මනුස්සය මේ අන්තිම සීන් එකේ ඉන්නෙ? කියල. ඉතිං හබියට හිතෙනව තවත් මේ ලෝකෙ ඉඳල වැඩක් නැහැ කියල. මුලින් හිතනව කියල දෙන්න. ඒත් ඊටපස්සෙ අහන ප්රශ්න කන්ද ඇහුවට පස්සෙ හස්බන්ඩ්ට එනව ටැරන්ටිනෝව මරන්න කේන්තියක්.

වයිෆ්ටත් ඔහොමමයි. ඒ කොහොමද ඒ සීන් එක වුනේ. අර ගෑණි එක පාරටම නයෙක් වුනානෙ. වගේ ප්රශ්නයක් වයිෆ්ගෙ කැමතිම ටෙලි සීරීස් එක බල බල ඉද්දි ඇහුවම වයිෆ්ට හිතෙනව අනේ මට මේ නයා දෂ්ඨ කරානං හොඳයි කියල. මොකෝ ඉතින් ඉන්දියන් මෙගා කතා වල ජාතකේ කියන්න ගියොත් නිදාගන්න වෙන්නෙ නැහැනෙ...



ඔබගේ අදහස් තිබේ නම් පහතින් Comment කරන්න...

No comments